Ultimate magazine theme for WordPress.

භානුකට අද තරගය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂට ඉන්දියාව සමග අද(25) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වනවා.

ඒ, නිමා වූ තෙවැනි එක්දින තරගයේ දී ඔහුගේ ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව භානුක වෙනුවට අශේන් බණ්ඩාර අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව සදහන්.

ආබාධයක් හේතුවෙන් තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා නොකළ වනිදු හසරංග අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment