Ultimate magazine theme for WordPress.

LPL කණ්ඩායම් දෙකක හිමිකාරීත්වය අවලංගු කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට, 2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම කටයුතු කර තිබෙනවා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බව සදහන්.

හිමිකාරිත්වයන් අවලංගු වූ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සඳහා පාර්ශව රැසක් ඉදිරිපත්වූ බව IPG සමාගම සදහන් කළා.

එහි කටයුතු අවසන් අදියරේ මේ වන විට පවතින බව ද සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (දෙවැනි අදියර) ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම තරගාවලිය සදහා අදාළ කණ්ඩායම් දෙක නව හිමිකාරීත්වයක් යටතේ, නව නාමයන් ද සහිතව තරග කරනු ඇති.

මීට පෙර කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය Murfad Mustafa විසින් ද, දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බොලිවුඩ් නලු සචින් ජෝෂි විසින් ද දරනු ලැබුවා.

Leave a comment