Ultimate magazine theme for WordPress.

ප්‍රවීන් ජයවික්‍රමගෙන් මංගල තරගයේ දී තවත් වාර්තාවක්

ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද(3) නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීම සටහන් කරමින්.

ඔහු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ බංග්ලාදේශයට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ දී යි.

එහිදී බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ලිටොන් දාස්ගේ කඩුල්ල දවා ගත් ප්‍රවීන් එම අවස්ථාව වන විට මෙම තරගයේ දී බිද හෙලා තිබූ කඩුලු ගණන 9ක්.

මීට පෙර 2018 වසරේ දී බංග්ලාදේශයට එරෙහිවම අකිල ධනංජය විසින් සිය මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 8ක් දවා ගනිමින් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කළ හොදම පන්දු යැවීමේ වාර්තාව පිහිටුවා තිබුණා.

අකිලට පෙර අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණේ අජන්ත මෙන්ඩිස් විසින් 2008 වසරේ දී යි.

එහිදී අජන්ත මෙන්ඩිස් විසින් සිය මංගල ටෙස්ට් තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 132කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වී තිබුණා.

මේ අතර, බංග්ලාදේශයට එරෙහිව මේ වන විට පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ බංග්ලාදේශ පළමු ඉනිමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92කට කඩුලු 6ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ දී පන්දු යවන්නෙකු ඉනිමක වාර්තා කළ හොදම පන්දු යැවීම ද වාර්තා කළා.

Leave a comment