Ultimate magazine theme for WordPress.

කොන්ත්‍රාත්ගත ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

2021-22 තරග වාරය සදහා කොන්ත්‍රාත් හිමි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය තරග වාරයේ දී ක්‍රීඩකයින් 20 දෙනෙකුට කොන්ත්‍රාත් හිමි වුවද ඉදිරි තරග වාරය සදහා කොන්ත්‍රාත් පිරිනමා ඇත්තේ ක්‍රීඩකයින් 17 දෙනෙකුට පමණයි.

ඒ අතරට 21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ද ඇතුළත්.

ජෝ බර්න්ස්, මිචෙල් මාෂ්, ට්‍රැවිස් හෙඩ්, මර්කස් ස්ටොයිනිස් සහ මැතිව් වේඩ් යන ක්‍රීඩකයින්ට මෙවර කොන්ත්‍රාත් හිමි වී නැහැ.

කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව :

Ashton Agar, Alex Carey, Pat Cummins, Aaron Finch, Cameron Green, Josh Hazlewood, Marnus Labuschagne, Nathan Lyon, Glenn Maxwell, Tim Paine, James Pattinson, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, David Warner, Adam Zampa.

 

Leave a comment