Ultimate magazine theme for WordPress.

මිචෙල් මාෂ් IPL තරගාවලියෙන් ඉවත් වෙයි – රෝයි සන්රයිසස් කණ්ඩායමට

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

දිගු කාලයක් ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමට සිදු වන බැවින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

මේ සම්බන්ධයෙන් මිචෙල් මාෂ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවවට එංගලන්ත පිතිකරු ජේසන් රෝයි සමග සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

මෙවර අයි.පී.එල් වෙන්දේසියේ දී ජේසන් රෝයි මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, වෙන්දේසියට ඉදිරිපත් වීමේ දී ඔහුට හිමි වූ මූලික වටිනාකම වන ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලට ජේසන් රෝයි සමග සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වී ඇති බව සදහන්.

Leave a comment