NEWS

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක්

hit wicket

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 122ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබා ගත්තා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 87යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්, නායක දිමුත් කරුණාරත්න ලකුණු 46ක් සහ කුසල් ජනිත් ලකුණු 42ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

දසුන් ශානක පන්දු 14කින් වේගවත් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශෆියුල් ඉස්ලාම් සහ සෞම්‍ය සාකාර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 36ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.

සෞම්‍ය සාකාර් ලකුණු 69යි.

පන්දු යැවීමේ දී දසුන් ශානක කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ ලකුණු සටහන මෙතනින්

icc


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top