Ultimate magazine theme for WordPress.

ඉන්දීය පුහුණුකරු ශාස්ට්‍රීට ‍කොරෝනා; තවත් තිදෙනෙකු නිරෝධායනයට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු ද මේ වන විට හුදෙකලා කිරීමට ලක් කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පන්දු යැවීමේ පුහුණුකරු බී. අරුන්, පන්දු රැකීමේ පුහුණුකරු ආර්.ශ්‍රීධාර් හා භෞත චිකිත්සකවරයා වන නිටින් පටෙල් මෙලෙස හුදෙකලා කර ඇති බව සදහන්.

වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ සෙසු සාමාජිකයින්ට මේ දිනවල පැවැත්වෙන ඉන්දු – එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය සදහා එක්වීමට අවසර ලැබී තිබෙනවා.

Leave a comment