Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ICC රැස්වීමේ දී ගත් තීරණ 3 ක් නිල වශයෙන් නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවා ඇතත්, ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකින් තොරව ඉදිරියටත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසනවා.

අද(21) අහ්මදාබාද් හී දී පැවැති අයි.සී.සී රැස්වීමේ දී ඒ බව තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

අයි.සී.සී මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික හා අයි.සී.සී තරගාවලි ඉදිරියටත් ක්‍රීඩා කළ හැකියි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම අයි.සී.සීය විසින් පාලනය කරනු ඇති.

එමෙන්ම 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තවදුරටත් ශ්‍රී ලංකාව විසින් නොදරන බව ද අයි.සී.සීය තහවුරු කළා.

ඒ අනුව අප මීට පෙර ද වාර්තා කළ පරිදි තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ද මෙම ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට බලපෑමක් එල්ල වන්නේ නැහැ.

අයි.සී.සී මාධ්‍ය නිවේදනය –

The International Cricket Council (ICC) Board met today and confirmed the terms of the suspension of Sri Lanka Cricket (SLC).

After hearing representation from SLC, the ICC Board decided that Sri Lanka can continue to compete internationally both in bilateral cricket and ICC events after being suspended recently for breaching its obligations as a Member in particular the requirement to manage its affairs autonomously and without government interference.

However, funding to SLC will be controlled by the ICC and the ICC Board confirmed Sri Lanka will no longer host the ICC U19 Men’s Cricket World Cup 2024, which will now be held in South Africa.

Leave a comment