Ultimate magazine theme for WordPress.

යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා.

අද(21) අහ්මදාබාද්හී දී පැවැත්වෙන අයි.සී.සී රැස්වීමේ දී ඒ බව තීරණය කර ඇති බවයි cricbuzz වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් මේ වන විට පවතින අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් අයි.සී.සීය මෙම පියවර ගෙන ඇති බව සදහන්.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා කොළඹ පිහිටි ක්‍රීඩාංගන 5 කදී පැවැත්වීමටයි නියමිතව තිබුණේ. තරගාවලියට තරග 41 ක් ඇතුළත්.

Leave a comment