Watch : පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් ආ පන්දුවට ක්ලාසන් කළ සුපිරි ස්ටම්ප් කිරීම
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 23 වැනි තරගයේ දී විශිෂ්ඨ ස්ටම්ප් කිරීමක් සිදු කරමින් පංජාබ් කිංග්ස් නායක ශිකර් ධවාන්ගේ කඩුල්ල දවා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ කඩුලු රකින ක්රීඩක හෙන්රික් ක්ලාසන් අද(9) සමත් වුණා.
බුවනේෂ්වර් කුමාර් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල ආසන්නයේ කඩුලු රකිමින් සිටි ක්ලාසන් විසින් මෙම ස්ටප්ම් කිරීම සිදු කළේ ශිකර් ධවාන් ඉදිරියට පැන එල්ල කළ අසාර්ථක පහරකින් පසුවයි.
එහිදී අදාළ පන්දුව පැයට කිලෝ මීටර් 140 ක වේගයෙන් පිතිකරුවා වෙත ඇදී ආ අතර, පිතිකරු එල්ල කළ පහර අසාර්ථක වීමත් සමග වේගයෙන් කඩුලු රකින්නා අතට ඇදී ආ පන්දුව දක්ෂ ලෙස රැක ගනිමින් ක්ෂණයකින් කඩුල්ල බිද දැමීමට හෙන්රික් ක්ලාසන් සමත් වුණා.
මුල්ලන්පූර් හී දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 182 ක් රැස් කළා.
පංජාබ් කිංග්ස් පිළිතුරු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි ශිකර් ධවාන් ලකුණු 14 කට දැවී ගියේ.
දර්ශන පහතින් –
𝗤𝘂𝗶𝗰𝗸 𝗛𝗮𝗻𝗱𝘀 𝘅 𝗦𝘂𝗽𝗲𝗿𝗯 𝗥𝗲𝗳𝗹𝗲𝘅𝗲𝘀 ⚡️
Relive Heinrich Klaasen’s brilliant piece of stumping 😍👐
Watch the match LIVE on @StarSportsIndia and @JioCinema 💻📱#TATAIPL | #PBKSvSRH | @SunRisers pic.twitter.com/sRCc0zM9df
— IndianPremierLeague (@IPL) April 9, 2024