Ultimate magazine theme for WordPress.

Watch : දෝනිගෙන් චෙන්නායි ඉනිමට යළිත් සුපිරි අවසානයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගයේ දී ද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට විශිෂ්ඨ අවසානයක් ලබා දීමට මහේන්ද්‍ර සිං දෝනි අද(19) සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබා ගනිමින්.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 57(40) ක් රැස් කළා. ඉනිමට සුපිරි අවසානයක් ලබා දුන් දෝනි පන්දු 9 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28 ක්. හයේ පහර දෙකක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Leave a comment