Ultimate magazine theme for WordPress.

Watch : කෝලි දවා ගැනීමට ස්මිත් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ අවසන් දිනය අදයි (11).

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 444 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 164 ක්.

අද දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉන්දීය දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස විරාත් කෝලි ලකුණු 49 කට දැවී ගියා.

ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීවන් ස්මිත් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි කෝලි දැවී ගියේ.

කෝලිගේ කඩුල්ල පහතින් නරඹන්න –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Leave a comment