Ultimate magazine theme for WordPress.

T20 World Cup 2024 : උගන්ඩා හා ස්කොට්ලන්ත සංචිත නම් කෙරේ – වයස්ගතම ක්‍රීඩකයා උගන්ඩාවෙන්

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන උගන්ඩා හා ස්කොට්ලන්ත සංචිත මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් 20න් රටවල් 13ක් සිය සංචිත ප්‍රකාශයට පත් කර අවසන්.

Richie Berrington ගේ නායකත්වයෙන් යුත් ස්කොට්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ස්කොට්ලන්ත සංචිතය සදහා Michael Jones හා Brad Wheal යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත්, අත්දැකීම් බහුල වේග පන්දු යවන ක්‍රීඩක Josh Davey සංචිතයට ඇතුළත් කර නැහැ.

ලෝක කුසලාන තරගාවලියේ දී ස්කොට්ලන්ත කණ්ඩායම ජූනි 4 වැනිදා එංගලන්තයට එරෙහිව ද, ජූනි 6 වැනිදා නැමීබියාවට එරෙහිව ද, ජූනි 9 වැනිදා ඕමානයට එරෙහිව ද, ජූනි 15 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

Scotland squad:

Richie Berrington (c), Matthew Cross, Brad Currie, Chris Greaves, Ollie Hairs, Jack Jarvis, Michael Jones, Michael Leask, Brandon McMullen, George Munsey, Safyaan Sharif, Chris Sole, Charlie Tear, Mark Watt, Brad Wheal

මේ අතර, Brian Masaba ගේ නායකත්වයෙන් යුත් උගන්ඩා සංචිතය සදහා ද ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කර තිබෙනවා.

මෙය ඕනෑම තරග රටාවකින් උගන්ඩා ජාතික පිරිමි කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාවයි.

උගන්ඩා සංචිතය සදහා 43 හැවිරිදි Frank Nsubuga ද නම් කර ඇති අතර, ඒ අනුව ඔහු මෙම තරගාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම් අතරින් වයසින් වැඩිම ක්‍රීඩකයා වනු ඇති.

පාකිස්තානයේ උපත ලබා වයස අවුරුදු 16 දී උගන්ඩාවට සංක්‍රමණය වූ Riazat Ali Shah සංචිතයේ උප නායකයා ලෙස පත් කර තිබෙනවා.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ උගන්ඩාව ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 4 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Uganda squad :

Brian Masaba (c), Riazat Ali Shah (vc), Kenneth Waiswa, Dinesh Nakrani, Frank Nsubuga, Ronak Patel, Roger Mukasa, Cosmas Kyewuta, Bilal Hassun, Fred Achelam, Robinson Obuya, Simon Ssesazi, Henry Ssenyondo, Alpesh Ramjani, Juma Miyaji. Reserve players: Ronald Lutaaya, Innocent Mwebaze

Leave a comment