Watch : එංගලන්ත – දකුණු අප්රිකා දෙවැනි 20යි 20 තරගයේ දී රැක ගත් සුපිරි උඩ පන්දු දෙක

එංගලන්තයේ කාර්ඩිෆ් හී පැවති දෙවන පන්දුවාරය විස්සයි විස්ස ක්රිකට් තරගයේදී එංගලන්තය පරාජයට පත්කරමින් ලකුණු 58 ක විශිෂ්ඨ ජයග්රහණයක් වාර්තා කිරීමට දකුණු අප්රිකාව ඊයේ (28) සමත්වුනා.
එහිදී වසර 06 කට පමණ පසුව යළි දකුණු අප්රිකා කණ්ඩායමේ ස්ථානය දිනා ගත් රයිලි රොසෝව් පන්දු 55 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 96 ක් රැස් කිරීම ද කැපී පෙනුණා.
දකුණු අප්රිකා කණ්ඩායම ලකුණු 208 ක ඉලක්කයක් එංගලන්ත කණ්ඩායමට ලබා දුන් නමුත්, එංගලන්තයට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ සියලු දෙනා දැවී ලකුණු 149 ක් පමණයි.
දකුණු අප්රිකා පන්දු යවන්නන් අනර්ඝ පන්දු යැවීමක නිරත වෙමින් එංගලන්ත කණ්ඩායමට ප්රබල අභියෝගයක් එල්ල කළ අතර, පන්දු රැකීම අතින් ද දකුණු අප්රිකා ක්රීඩකයින්ගෙන් එංගලන්තයට එල්ල වූයේ ප්රබල තර්ජනයක්.
මෙම තරගය තුළ විශිෂ්ඨ උඩ පන්දු රැකගැනීම් කිහිපයක්ම දැක ගත හැකි වූ අතර, එහිදී මෝයීන් අලී දවා ගැනීම සදහා කේශාව් මහරාජ් ලබා ගත් විශිෂ්ඨ අන්දමේ උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්වුණා.
ඊට අමතරව ජොනී බෙයාර්ස්ටව් දවා ගැනීම සදහා අනර්ඝ උඩ පන්දුවක් රැක ගැනීමට ලුන්ගි එන්ගිඩි ද සමත්වුණා.
උඩ පන්දු දෙකේ දර්ශන පහතින් නරඹන්න –
A brilliant catch.
Scorecard/clips: https://t.co/r6IfaEghjY
🏴 #ENGvSA 🇿🇦 pic.twitter.com/6kM8wri0Vc
— England Cricket (@englandcricket) July 28, 2022
— cric fun (@cric12222) July 28, 2022