Ultimate magazine theme for WordPress.

WTC 2023-25 : ඉන්දියාව ලැබූ කඩුලු පහේ ජයෙන් පසු අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(26) සමත් වුණා. ඒ, එංගලන්තය සමග පැවැති සිව්වැනි ටෙස්ට් තරගයෙන් ලැබූ කඩුලු පහක ජයත් සමගින්.

මෙම ජයත් සමග තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 3-1 ක් ලෙස තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ද ඉන්දියාව සමත් වුණා.

ලැබූ ජයත් සමග ඉන්දියාවට තවත් ප්‍රසාද ලකුණු 12 ක් හිමි වූ අතර, ඒ අනුව ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 59.52 සිට 64.58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය නවසීලන්තයට හිමිව ඇති අතර, කිසිදු ප්‍රසාද ලකුණකට හිමිකම් නොකියන ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ඉන්දු – එංගලන්ත අවසන් ටෙස්ට් තරගය මාර්තු 7 වැනිදා ධරම්සාලා හී දී ආරම්භ වීමට නියමිතයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Leave a comment