Ultimate magazine theme for WordPress.

WTC : ඉන්දියාව හා එංගලන්තය පසුබසිද්දී කොදෙව්වන් ඉදිරියට – නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 28 ක පරාජයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉන්දියාව පහතට ඇද වැටී තිබෙනවා.

එම තරගය ආරම්භ වීමට පෙර දෙවරක් ලෝක ටෙස්ට් අනුශූරයින් වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ ඔස්ට්‍රේලියාවට පමණක් පිටුපසින් දෙවැනි ස්ථානයේ රැදී සිටියා.

කෙසේ වෙතත්, ලැබූ අනපේක්ෂිත පරාජයත් සමග ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 54.16 සිට 43.33 දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත්, තෙවැනි ස්ථානය නවසීලන්තයටත්, සිව්වැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමියි.

පාකිස්තානය 6 වැනි ස්ථානයේ පසුවන අතර, 7 වැනි ස්ථානය හිමිව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටයි.

පළමු තරගයෙන් ඉන්දියාව පරාජයට පත් කළ ද එංගලන්තය එක් ස්ථානයකින් ප්‍රසාද ලකුණු සටහනේ පසුබැස ඇති අතර, ඔවුන්ට මේ වන විට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

ඔස්ට්‍රේලියාව පරදා දෙවැනි ටෙස්ට් තරගයේ දී කොදෙව්වන් ලැබූ සුපිරි ජයග්‍රහනය හේතුවෙනුයි එංගලන්තය අභිබවා කොදෙව්වන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ ඇත්තේ.

කිසිදු ජයග්‍රහනයක් වාර්තා නොකළ ශ්‍රී ලංකාව තවමත් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

Leave a comment