Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ තරග නිළධාරීන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය සදහා හා සුපිරි 12 වටය සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තරග නිළධාරීන් පත් කර තිබෙනවා.

තරග නිළධාරීන් 20 දෙනෙකු තරගාවලියට නම් කර ඇති අතර, ඉන් 16 දෙනෙකු විනිසුරුවන්.

විනිසුරුවන් අතරට ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන මහතා ද ඇතුළත්ව සිටිනවා.

අයි.සී.සී ප්‍රධාන තරග තීරක ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ල මහතා සමග සිම්බාබ්වේහි ඇන්ඩෘ පයික්‍රොෆ්ට්, එංගලන්තයේ ක්‍රිස් බ්‍රෝඩ්, ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් බූන් යන නිළධාරීන් තරග තීරකවරුන් ලෙස 20යි 20 ලෝක කුසලානය සදහා නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර පැවැත්වෙන මෙවර තරගාවලියේ පළමු තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ ඇන්ඩෘ පයික්‍රොෆ්ට්.

ජොයෙල් විල්සන් හා රෝඩ්නි ටකර් පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට නියමිත අතර, තෙවන විනිසුරු ලෙස එම තරගය සදහා පත් කර ඇත්තේ පෝල් රයිෆල්.

Match Referees:

Andrew Pycroft, Christopher Broad, David Boon, Ranjan Madugalle

Umpires:

Adrian Holdstock, Aleem Dar, Ahsan Raza, Christopher Brown, Christopher Gaffaney, Joel Wilson, Kumara Dharmasena, Langton Rusere, Marais Erasmus, Michael Gough, Nitin Menon, Paul Reiffel, Paul Wilson, Richard Illingworth, Richard Kettleborough, Rodney Tucker

Show Comments (3)