Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයට යොදා ගැනෙන සියලු ක්‍රීඩාංගන නිවේදනය කෙරේ

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යොදා ගැනෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ක්‍රීඩාංගන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.

ඒ අනුව කැරිබියන් දූපත් 7කදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාංගන 3 ක් ද ලෝක කුසලාන 20යි 20 තරගාවලිය සදහා යොදා ගැනෙන බව ඊයේ නිවේදනය කෙරුණා.(Dallas, Florida හා New York)

කොදෙව් දූපත්හි Antigua & Barbuda, Barbados, Dominica, Guyana, St Lucia, Trinidad & Tobago, හා St Vincent & The Grenadines හී දී ද තරග පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය අද නිවේදනය කළේ.

තරගාවලිය 2024 වසරේ ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත රටවල් ගණන 20 ක්. තරග 55 ක් තරගාවලියට ඇතුළත්.

Leave a comment