Ultimate magazine theme for WordPress.

2024 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාංගන ගැන අයි.සී.සීයෙන් නිවේදනයක්

2024 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකාවේ පැවැත්වෙන තරග සදහා යොදා ගැනෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් තොරතුරු ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(20) නිවේදනය කළා.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

අයි.සී.සීය අද සදහන් කළේ ඇමෙරිකාවේ Dallas, Florida හා New York හී දී තරග පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බවයි.

ඒ් අනුව Dallas හි Grand Prairie හී දී ද, Florida හි Broward County හී දී ද, New York හි Nassau County හී දී ද තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා‍.

තරගාවලියට පෙර පුහුණු තරග පැවැත්වීම සදහා හා කණ්ඩායම්වලට පුහුණුවීම් සදහා ලබා දීම වෙනුවෙන් තවත් ක්‍රීඩාංගන කිහිපයක් හදුනා ගෙන ඇති බව ද අයි.සී.සීය සදහන් කළා.

Leave a comment