Ultimate magazine theme for WordPress.

Qualifier 2 : කාසියේ වාසිය දිනූ මහනුවර පිලෙන් වෙනස්කම් රැසක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයේ (Qualifier 2) කාසියේ වාසිය දිනා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් මහනුවර කණ්ඩායම සදහා ආබාධවලට ලක් වූ ඉසුුරු උදාන, නුවන් ප්‍රදීප් මෙන්ම පාකිස්තාන සංචිතය සමග එක්වීමට පිටත්ව ගොස් සිටින ෆකාර් සමාන් ක්‍රීඩා කරන්නේ නැහැ. කමිදු මෙන්ඩිස්ට ද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ තනුක දාබරේ, චතුරංග ද සිල්වා, ලහිරු මදුෂංක හා මොහමඩ් හස්නයින්.

ගාලු කණ්ඩායම වෙනුවෙන් ද වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව සොනාල් දිනූෂ හා සොහාන් ද ලිවේරා කණ්ඩායමට කැදවා ඇත්තේ ලහිරු සමරකෝන් හා භානුක රාජපක්ෂ වෙනුවටයි.

B-Love Kandy XI:

Mohammad Haris, Thanuka Dabare, Dinesh Chandimal (wk), Angelo Mathews, Chaturanga de Silva, Asif Ali, Wanindu Hasaranga (c), Sahan Arachchige, Lahiru Madushanka, Mohammad Hasnain, Mujeeb Ur Rahman

Galle Titans XI:

Lasith Croospulle, Litton Das (wk), Shakib Al Hasan, Sohan de Livera, Najibullah Zadran, Dasun Shanaka (c), Seekkuge Prasanna, Kasun Rajitha, Lahiru Kumara, Tabraiz Shamsi, Sonal Dinusha

Leave a comment