Ultimate magazine theme for WordPress.

PSL ඉතිරි තරග මෙම වසර අගදී

2020 පාකිස්තාන සුපර් ලීග් හෙවත් පී එස් එල් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග මෙම වසර අවසානයේ දී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.

ඊයේ(26) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ක්‍රිකට් ආයතන රැස්වීමේ දී මේ පිළිබද සාකච්ඡා වූ බවයි එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය මාර්තු 17 වනදා දක්වා පැවැති නමුත්, පසුව කොරෝනා වසංගත අර්බුය හමුවේ ඉතිරි තරග කල් දැමීමට පියවර ගැණුනා.

ඒ වන විට පවත්වා තිබූ තරග සංඛ්‍යාව 30ක්.

ඒ අනුව තරගාවලිය යටතේ තවත් තරග 4ක් පැවැත්වීමට නියමිත අතර, එම තරග මෙම වසර අගදී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

මේ අතර, ලබන වසරේ පෙබරවාරි – මාර්තු මාසවල පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා තවත් ක්‍රීඩාංගනයක් (පස්වන ක්‍රීඩාංගනය) යොදා ගැනීම කෙරෙහි ද පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

මෙවර ක්‍රීඩාංගන 4කදී තරගාවලිය පැවැති නමුත් ලබන වසරේ දී එය පෙෂාවර්හී දී ද පැවැත්විමට කටයුතු සැලසුම් කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Leave a comment