Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

ජූනි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග විසින් දිනා ගෙන තිබෙනවා.

ඒ, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව පසුගිය දිනවල සිම්බාබ්වේ හී දී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඔහු දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

සිම්බාබ්වේ පිතිකරු ‍ශෝන් විලියම්ස් හා ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද එම සම්මානය සදහා නිර්දේශිත නාම අතරට ඇතුළත්ව සිටියා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ වනිදු හසරංග ඉනිම් 7කදී කඩුලු 22 ක් දවා ගැනීමට සමත් වුණා.

ජූනි මාසයේ දී වනිදු බිද හෙලූ සමස්ත කඩුලු ගණන 26 ක්.

හසරංග සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 6ක් ද, දෙවැනි තරගයේ දී හා තෙවැනි තරගයේ දී කඩුලු 5 බැගින් ද දවා ගැනීමට සමත් වුණේ නව වාර්තාවක් පිහිටුවමින්. එලෙස අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් ලොව පළමු දග පන්දු යවන්නා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

එමෙන්ම එම දක්ෂතාවය දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. මීට පෙර පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් 1990 වසරේ දී අඛණ්ඩව එක්දින තරග 3කදී කඩුලු 5 බැගින් බිද හෙලා තිබුණා.

Leave a comment