Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නිවේදනය කෙරේ

අයි.සී.සී මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අයර්ලන්තයේ හැරී ටෙක්ටර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

අයර්ලන්තය වෙනුවෙන් මෙම සම්මානය දිනූ පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර සිටි පාකිස්තානයේ බාබර් අසාම් හා බංග්ලාදේශයේ නජ්මුල් හොසේන් ශන්ටෝ අභිබවා යමින් 23 හැවිරිදි හැරී ටෙක්ටර් මෙම සම්මානය දිනා ගත්තා.

මේ අතර, මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ තායිලන්තයේ Thipatcha Putthawong.

එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා වූයේ ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු හා හර්ෂිතා මාධවී.

Leave a comment