Ultimate magazine theme for WordPress.

Hundred Draft : ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු ලියාපදිංචි වෙයි – මූලික වටිනාකම් මෙන්න

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ (පිරිමි හා කාන්තා) 2024 අදියර සදහා වන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව (Draft) සදහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 389 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 245 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩිකාවන් ගණන 127 ක්. දේශීය ක්‍රීඩිකාවන් 122 දෙනෙකු ද ලියාපදිංචි වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ. ඒ අනුව ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 890 ක්.

විදෙස් ක්‍රීඩකයින් අතරින් ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන පවුම් 125,000 ක කාණ්ඩය (රුපියල් කෝටි 4.8 ක් පමණ) යටතේ ක්‍රීඩකයින් 7 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඒ අතරට ශ්‍රී ලංකාවේ ඇන්ජෙලෝ මැතිව්ස් ද ඇතුළත්.

OVERSEAS RESERVE PRICE £125,000

  • Joshua Inglis – Australia
  • Angelo Mathews – Sri Lanka
  • Angus McKenzie – New Zealand
  • Daryl Mitchell – New Zealand
  • Sunil Narine – West Indies
  • Nicholas Pooran – West Indies
  • Mitchell Santner – New Zealand

මැතිව්ස්ට අමතරව ශ්‍රී ලංකාවෙන් ලියාපදිංචි වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු (පවුම් 40,000), කසුන් රාජිත (පවුම් 40,000), චතුරංග ද සිල්වා (මූලික වටිනාකමක් නැහැ), දුෂාන් හේමන්ත, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩර්සේ හා විජයකාන්ත් වියස්කාන්ත් යන ක්‍රීඩකයින්.

මීට පෙර අවස්ථා දෙකකදී තරගාවලියෙන් ඉවත් වූ ඩේවිඩ් වෝනර් පවුම් 100,000 ක කාණ්ඩයෙන් ලියාපදිංචි වී තිබෙනවා.

OVERSEAS RESERVE PRICE £100,000

  • Hassan Ali – Pakistan
  • Rahmanullah Gurbaz – Afghanistan
  • Shamar Joseph – West Indies
  • Kieron Pollard – West Indies
  • Mujeeb Rahman – Afghanistan
  • Sikandar Raza – Zimbabwe
  • Naseem Shah – Pakistan
  • David Warner – Australia
  • Hazratullah Zazai – Afghanistan

OVERSEAS RESERVE PRICE £75,000

  • Iftikhar Ahmed – Pakistan
  • Noor Ahmad – Afghanistan
  • Shakib Al Hasan – Bangladesh
  • Dwayne Bravo – West Indies
  • Johnson Charles – West Indies
  • Matthew Henry – New Zealand
  • Shadab Khan – Pakistan
  • Colin Munro – New Zealand
  • Azmat Omarzai – Afghanistan
  • Rachin Ravindra – New Zealand
  • Rilee Rossouw – South Africa
  • Naveen Ul-Haq – Afghanistan
  • Matthew Wade – Australia
  • Kane Williamson – New Zealand

මීට අමතරව පවුම් 60,000, 50,000, 40,000 යන කණ්ඩවලින් හා කිසිදු මූලික වටිනාකමක් නොමැති කාණ්ඩවලින් විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි වී තිබෙනවා.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී ඇති දේශීය ක්‍රීඩකයින් අතරට ජේසන් රෝයි, ඩේවිඩ් මලාන් හා ඔලී පොප් වැනි ක්‍රීඩකයින් ද ඇතුළත්.

මේ අතර, ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ද ඇතුළත්ව සිටිනවා. ඇය ලියාපදිංචි වී ඇත්තේ පවුම් 30,000 ක (රුපියල් කෝටි 1.1ක් පමණ) මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩයෙන්.

හන්ඩ්‍රඩ් තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ කටයුතු මාර්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

(කාන්තා අංශයේ ප්‍රධාන කාණ්ඩ තුන යටතේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩිකාවන්)

OVERSEAS RESERVE PRICE £50,000

  • Ashleigh Gardner – Australia
  • Smriti Mandhana – India
  • Jemimah Rodrigues – India
  • Deepti Sharma – India

OVERSEAS RESERVE PRICE £40,000

  • Meg Lanning – Australia
  • Beth Mooney – Australia
  • Annabel Sutherland – Australia

OVERSEAS RESERVE PRICE £30,000

  • Chamari Athapaththu – Sri Lanka
  • Darcie Brown – Australia
  • Deandra Dottin – West Indies
  • Kim Garth – Australia
  • Jess Jonassen – Australia
  • Lizelle Lee – South Africa
  • Sophie Molineux – Australia
  • Tooba Khan – Australia
  • Megan Schutt – Australia
  • Renuka Thakur – India
  • Amanda-Jade Wellington – Australia
Leave a comment