Ultimate magazine theme for WordPress.

Gladiators පන්දු යවන්නෙකුට පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා

Quetta Gladiators දග පන්දු යවන ක්‍රීඩක Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යටතේ Gladiators කණ්ඩායම පසුගිය බදාදා Karachi Kings කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ තරගයේ දී යි මෙම චෝදනාව එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් පවත්වන තුරු ඔහුට තවදුරටත් තරගාවලියේ දී පන්දු යැවීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.

නමුත්, PSL තරගාවලියේ දී ඔහුගේ ඉරියව්ව සැක සහිත බවට යළිත් වරක් චෝදනා එල්ල වුවහොත් ඔහුට පන්දු යැවීම සදහා තාවකාලික තහනමක් පැනවීමට නියමිතයි.

මෙය Usman Tariq ක්‍රීඩා කරන පළමු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියයි. මෙවර අදියරේ දී මේ දක්වා ඔහු තරග තුනකදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් පවත්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු නිවේදනය කර නැහැ.

Leave a comment