Ultimate magazine theme for WordPress.

ජැමයිකාව වෙනුවට CPL තරගාවලියට ක්‍රීඩා කරන නව කණ්ඩායම එළි දකියි

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (CPL) සදහා ක්‍රීඩා කරන නව කණ්ඩායමක් එළි දක්වා තිබෙනවා.

ඇන්ටිගුවා සහ බාබියුඩාව කේන්ද්‍ර කර ගනිමින් එම කණ්ඩායම නම් කර ඇත්තේ ‘Antigua and Barbuda Falcons’ යන නමින්.

North Sound හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී ෆැල්කන්ස් කණ්ඩායම එළිදැක්වීමේ උත්සවය පැවැති අතර, එම ක්‍රීඩාංගනය ෆැල්කන්ස් කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනය ලෙස සැලකීමට නියමිතයි.

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ජැමයිකා තලවාස් කණ්ඩායම වෙනුවටයි මෙම නව කණ්ඩායම 2024 CPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

ෆ්ලොරිඩාවේ වෙසෙන ගයානා ව්‍යාපාරිකයෙකු වන Kris Persaud විසින් ජැමයිකා කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ අතර, ඔහු විසින් එම කණ්ඩායම යළි CPL සංවිධායකයින් වෙත අලෙවි කර ඇති බව සදහන්.

ඒ, කණ්ඩායම තිරසාර ලෙස පවත්වා ගෙන යාමට ක්‍රමයක් සොයා ගැනීමට ජැමයිකා කණ්ඩායමේ හිමිකාරීත්වයට නොහැකි වූ බැවින්.

කෙසේ වෙතත්, විශේෂත්වය වන්නේ නව ෆැල්කන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේ ද Kris Persaud ප්‍රධානීත්වය දරන Worldwide Sports Management සමූහයයි.

නව කණ්ඩායම සම්බන්ධයෙන් Persaud මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“We are brand new; we are here, we are ready… let’s get ready to play! The Antigua & Barbuda Falcons will bring a unique energy and vitality to the CPL. We are ready to fly high and conquer what is before us. We want to establish a winner’s culture within the team and also a culture of winning and success off the field – among every individual associated with this franchise and the amazing fans we will have at our special home base at the Sir Vivian Richards Stadium in lovely Antigua”

ජැමයිකාව නියෝජනය කරමින් කණ්ඩායමක් 2024 අදියර සදහා ක්‍රීඩා නොකළ ද, අවම වශයෙන් 2025 අදියරේ සිට හෝ ජැමයිකාව නියෝජනය කරමින් කණ්ඩායමක් තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා. ඒ අනුව 2025 වසරේ සිට CPL තරගාවලියට කණ්ඩායම් හතක් ක්‍රීඩා කරනු ඇති.

2024 CPL තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a comment