Ultimate magazine theme for WordPress.

BBL draft : ලිවින්ග්ස්ටන් මෙල්බර්න් පිලට තෝරද්දී රෂීඩ් ඇඩිලේඩ් කණ්ඩායමට

එළඹෙන ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඊයේ (28) පස්වරුවේ සිදු කෙරුණා.

බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ මේ දක්වා අදියර 11 ක් ක්‍රියාත්මක වී තිබූ නමුත්, මෙවැනි ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවක් තරගාවලියේ සංවිධායකයින් විසින් සංවිධාන කර තිබුණේ පළමු වරටයි.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී පළමුවෙන්ම තෝරා ගැණුනු ක්‍රීඩකයා බවට පත් වුණේ එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන්.

මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම විසිනුයි ඔහුව තෝරා ගනු ලැබුවේ.

විදෙස් ක්‍රීඩකයින් 24 දෙනෙකු මෙහිදී ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගත් අතර, ඒ අතරට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්, නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් හා පාකිස්තානයේ ශඩාබ් ඛාන් ද ඇතුළත්.

කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත්ව රටවල් 20 කින් විදෙස් ක්‍රීඩකයින් 332 දෙනෙකු ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු කිසිදු කණ්ඩායමක් විසින් මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී සිය කණ්ඩායම වෙත තෝරා ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ.

රෂීඩ් ඛාන් තෝරා ගැනීම සදහා මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම ද උත්සාහයක නිරත වූ නමුත්, අවසානයේ දී ඔහුව සිය කණ්ඩායමේම රදවා ගැනීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කටයුතු කළා.

ඒ අනුව රෂීඩ් ඛාන් අඛණ්ඩව එම කණ්ඩායම නියෝජනය කරන 6 වැනි අදියර මෙවර තරගාවලිය වනු ඇති.

ක්‍රීඩකයින් තෝරා ගැණුනු අයුරු –

Round 1

Liam Livingstone – England : Melbourne Renegades
Rashid Khan (R) – Afghanistan : Adelaide Strikers
Trent Boult – New Zealand : Melbourne Stars
Sam Billings – England : Brisbane Heat
Chris Jordan – England : Sydney Sixers
David Willey – England : Sydney Thunder
Shadab Khan – Pakistan : Hobart Hurricanes

Round 2

Mujeeb Ur Rahman – Afghanistan : Melbourne Renegades
Joe Clarke – England : Melbourne Stars
Colin Munro – New Zealand : Brisbane Heat
Laurie Evans (R) – England : Perth Scorchers
James Vince – England : Sydney Sixers
Colin de Grandhomme – New Zealand : Adelaide Strikers
Alex Hales – England : Sydney Thunder
Asif Ali – Pakistan : Hobart Hurricanes

Round 3

Faheem Ashraf – Pakistan : Hobart Hurricanes
Rilee Rossouw – South Africa : Sydney Thunder
Phil Salt – England : Perth Scorchers
Adam Hose – England :Adelaide Strikers
Luke Wood – England : Melbourne Stars

Round 4

Akeal Hossein – West Indies : Melbourne Renegades
Ross Whiteley – England : Brisbane Heat
Izharulhuq Naveed – Afghanistan : Sydney Sixers
Tymal Mills – England : Perth Scorchers

Leave a comment