Ultimate magazine theme for WordPress.

BBL Draft : කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඊට ඇතුළත් කිරීමත් සමගයි.

මීට පෙර වමත් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය, කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල්, දග පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ලක්ෂාන් සදකැන් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කිරීමට නියමිත බව තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කර තිබුණා.

අද දිනයේ දී තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ රටවල් 19 කින් ක්‍රීඩකයින් 279 දෙනෙකු බිග් බෑෂ් ලීග් 12 වැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට නම් කර ඇති බවයි.

මේ වන විට කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඇතුළත් කෙරෙන ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අවසන්ව ඇති අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීම එළඹෙන 28 වැනිදා සිදු කිරීමට නියමිතයි.

කෙටුම්පත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත් කිරීම නියමිත බවට අද දිනයේ දී නිවේදනය කෙරුණු නව ක්‍රීඩකයින් අතරට ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත හා රුවන්ත ප්‍රසාද්.

මේ අතර, බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ පළමු වරට මෙවර සංවිධාන කර ඇති මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ පළමු වටයේ දී ඒ ඒ කණ්ඩායම් සදහා තෝරා ගැනීමට ලබා දෙන ප්ලැටිනම් කාණ්ඩයේ ක්‍රීඩකයින් 12 දෙනාගේ නම් ද අද නිවේදනය කෙරුණා.

එම ක්‍රීඩකයින් වන්නේ,

Faf du Plessis (SA), Jason Roy (Eng), Liam Livingstone (Eng), Sam Billings (Eng), Kieron Pollard (WI), Andre Russell (WI), David Willey (Eng), Shadab Khan (Pak), Dwayne Bravo (WI), Rashid Khan (Afg), Chris Jordan (Eng), Trent Boult (NZ) යන අයයි.

ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැයිස්තුව –

Dinesh Chandimal, Dushan Hemantha, Prabath Jayasuriya, Ruwantha Kellapotha, Ramesh Mendis, Bhanuka Rajapaksa, Lakshan Sandakan, Maheesh Theekshana

Leave a comment