Ultimate magazine theme for WordPress.

6 වැනි වතාවේ දී වාසනාවන්ත වූ ගයනා පිල CPL ශූරතාවය පළමු වරට දිනයි

Match Report

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් හිමි කර ගනිමින්.

මෙය ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනූ පළමු අවස්ථාව වීම විශේෂත්වයක්. මීට පෙර ඔවුන් අවසන් තරග 5 ක් ක්‍රීඩා කර ඇතත්, එම අවස්ථා පහේ දී ම ඔවුන් පරාජයට පත් වුණා.

ගයානා හි ප්‍රොවිඩෙන්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඇමසන් වොරියර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 94 ක් පමණයි.

කේසි කාර්ති ලකුණු 38 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් කඩුලු 4 ක් දවා ගත්තා. ගුඩකේෂ් මොටියා සිය පන්දුවාර 4 තුළ ලකුණු 7කට කඩුලු 2 ක් ද, ඉම්රාන් තහීර් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 8කට කඩුලු 2 ක් ද දවා ගැනීම කැපී පෙනුණෘ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමසන් වොරියර්ස් කණ්ඩායම පන්දුවාර 14 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සයිම් අයුබ් පන්දු 41 කින් ලකුණු 52 ක් නොදැවී රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්. ෂේයි හෝප් නොදැවී ලකුණු 32 යි.

Leave a comment