Ultimate magazine theme for WordPress.

15 හැවිරිදි ක්‍රීඩිකාවක් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (ICC Women’s T20 World Cup Global Qualifier 2024) සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායිකාව ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ චමරි අතපත්තු.

සංචිතය සදහා 15 හැවිරිදි වමත් දග පන්දු යවන (left-arm wrist spinner) ක්‍රීඩිකාවක වන ශශිනි ගිම්හානි ද නම් කර තිබීම විශේෂත්වයක්.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඇය මේ දිනවල ඔස්ට්‍රේලියාවට හා එංගලන්තයට එරෙහිව පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය අප්‍රේල් 25 වැනිදා සිට මැයි 7 වැනිදා දක්වා අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ දිනවල දකුණු අප්‍රිකානු තරග සංචාරයක නිරතව සිටින අතර, ඔවුන් එරට සිට සෘජුවම අබුඩාබි බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

The squad

1) Chamari Athapaththu – Captain
2) Vishmi Gunaratne
3) Nilakshi de Silva
4) Harshitha Samarawickrama
5) Kavisha Dilhari
6) Hasini Perera
7) Anushka Sanjeewani
8) Udeshika Prabodhani
9) Inoka Ranaweera
10) Achini Kulasuriya
11) Hansima Karunaratne
12) Kawya Kavindi
13) Inoshi Fernando
14) Sugandika Kumari
15) Sashini Gimhani

Leave a comment