Ultimate magazine theme for WordPress.

ඇමෙරිකාවේ නව ප්‍රධාන පුහුණුකරු නිවේදනය කෙරේ

ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියාවේ ස්ටුවට් ලෝ පත් කර තිබෙනවා.

ඔහුගේ පළමු වගකීම බවට පත් වන්නේ බංග්ලාදේශය සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ඇමෙරිකානු කණ්ඩායම සූදානම් කිරීමයි.

අනතුරුව ජූනි මාසයේ දී ඇමෙරිකාවේ සම සත්කාරකත්වය යටතේ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරුවෙකු වන ස්ටුවට් ලෝ මීට පෙර බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු තාවකාලික පදනම යටතේ සේවය කර තිබුණා.

2012 වසරේ දී බංග්ලාදේශ කණ්ඩායම පළමු වරට ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට රැගෙන යාම සදහා මග පෙන්වනු ලැබුවේ ද ස්ටුවට් ලෝ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද ස්ටුවට් ලෝ කටයුතු කර තිබෙනවා.

Leave a comment