Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා 16 හැවිරිදි කඩුලු රකින ක්‍රීඩිකාවක වන Karabo Meso නම් කර තිබීම විශේෂත්වයක්. ඇයව එරට එක්දින සංචිතයට නම් කර ඇත්තේ පළමු වරටයි.

ආබාධයක් නිසා තෙවැනි විස්සයි 20 තරගය අහිමි වූ Chloe Tryon ට එක්දින තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

විස්සයි 20 සංචිතයට ඇතුළත්ව සිටි Annerie Dercksen සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඇය වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ Delmi Tucker.

දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත් අතර, එක්දින තරගාවලිය අප්‍රේල් 9 වැනිදා East London හී දී ආරම්භ වීමට නියමිතයි.

South Africa squad for women’s ODI series vs Sri Lanka:

Laura Wolvaardt (c), Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Sinalo Jafta, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Suné Luus, Eliz-Mari Marx, Karabo Meso, Nonkululeko Mlaba, Tumi Sekhukhune Delmi Tucker

Leave a comment