Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි තරගවලින් ඉවත් වූ ශකිබ් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලකුණු

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ නවසීලන්තයට එරෙහි තරගාවලි මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරගාවලි ද ක්‍රීඩා නොකළ ශකිබ් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකරන බවයි.

නමුත්, මේ වන විට තමන් දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බව ඔහු එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී යි.

ඔහු මෑතක සිට අක්ෂි රෝගී තත්ත්වයකින් පසුවූ අතර, එය ඔහුගේ පිතිකරණයට ද බලපෑම් එල්ල කළා. ඒ අනුව ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි සමස්ත තරගාවලියන්ගෙන්ම විවේක ගැනීමට අවශ්‍යව ඇති බවයි මීට පෙර එරට ක්‍රිකට් ආයතනය සදහන් කර තිබුණේ.

අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන මුෂ්ෆිකර් රහීම් ද ආබාධයකට ලක් වීම හේතුවෙන් මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කර ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට ශකිබ් ක්‍රීඩා කළහොත් එය බංග්ලාදේශ කණ්ඩායමේ ශක්තිය වැඩි කිරීමට හේතු වනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment