Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහිව විනය විරෝධීව හැසිරුණු තුන් ඉරියව් ක්‍රීඩිකාවට වැඩ වරදියි

දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩිකා Marizanne Kapp ට එරෙහිව දඩුවම් පැනවීමක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී ඇය විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

ඇය විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය (“using language, actions or gestures which disparage or which could provoke an aggressive reaction from a batter upon his/her dismissal during an International Match.”) උල්ලංඝනය කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

අදාළ තරගයේ දී චමරි අතපත්තු දවා ගැනීමෙන් පසුව එය සැමරීමේ දී Marizanne Kapp විසින් නුසුදුසු භාෂාව සහ අභිනයන් යොදා ගත් බව අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ඒ අනුව නිල අනතුරු ඇගවීමක් සමග ඇයගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට තරග තීරක Shandre Fritz තීරණය කර තිබෙනවා.

සිය වරද හා ලබා දුන් දඩුවම Kapp විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

Leave a comment