Ultimate magazine theme for WordPress.

විශ්‍රාම ගෙන සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකු හා එමීර් ක්‍රීඩකයෙකු සමග පාකිස්තාන සංචිතය නම් කෙරේ

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

ශහීන් ශාහ් අෆ්රිඩි වෙනුවට පාකිස්තාන කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කෙරුණු බාබර් අසාම් ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ ද නායකයා ලෙස කටයුතු කරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන සිට මීට සති කිහිපයකට පෙර යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට තීරණය කළ ඉමාඩ් වසීම් හා මොහමඩ් අමීර් ද විස්සයි 20 සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

පාකිස්තානයේ උපත ලද එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෙකු වන උස්මාන් ඛාන් ද නවසීලන්තයට එරෙහි පාකිස්තාන විස්සයි 20 සංචිතයට නම් කර තිබීම කැපී පෙනෙනවා. ඔහු මෙතෙක් එමීර් රාජ්‍ය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කර තිබුණේ නැහැ.

නිමා වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ ඔහු තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා බවට ද පත් වුණා. PSL ඉතිහාසයේ වේගවත්ම ශතකය පන්දු 36 කින් වාර්තා කර ඇත්තේ ද උස්මාන් ඛාන්. මෙවර PSL තරගාවලියට පෙර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ILT20 හා අබුඩාබි T10 තරගාවලි සදහා දේශීය (එමීර් රාජ්‍ය) ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් 29 දෙනෙකු පසුගිය 26 වැනිදා සිට පාකිස්තානයේ ‘කකුල්’ (Kakul) ප්‍රදේශයේ දී පාකිස්තාන යුද්ධ හමුදාව යටතේ පුහුණු කදවුරකට එක්වූ අතර, එම පුහුණු කදවුර සදහා පාකිස්තාන ක්‍රීඩකයින් සමග උස්මාන් ඛාන් ද එක්ව සිටීමත් සමග ඔහුට එරෙහිව වසර පහක තරග තහනමක් පැනවීමට එමිරේට්ස් ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

මේ අතර, මෙතෙක් ජාත්‍යන්තර විස්සයි 20 වරම් දිනා නොමැති මැදපෙල පිතිකරුවෙකු වන මුහම්මද් ඉර්ෆාන් ඛාන් ද පාකිස්තාන සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පාකිස්තාන-නවසීලන්ත විස්සයි 20 තරගාවලිය අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා රාවල්පින්ඩි හා ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

Pakistan squad for New Zealand T20Is:

  1. Babar Azam (captain)
  2. Abrar Ahmed
  3. Azam Khan
  4. Fakhar Zaman
  5. Iftikhar Ahmed
  6. Imad Wasim
  7. Mohammad Abbas Afridi
  8. Mohammad Rizwan
  9. Mohmmad Amir
  10. Muhammad Irfan Khan
  11. Naseem Shah
  12. Saim Ayub
  13. Shadab Khan
  14. Shaheen Shah Afridi
  15. Usama Mir
  16. Usman Khan
  17. Zaman Khan

Non-travelling reserves: Haseebullah, Mohammad Ali, Mohammad Wasim Jnr, Sahibzada Farhan, and Salman Ali Agha

Leave a comment