Ultimate magazine theme for WordPress.

වසර 11කට පසු BBL ශූරතාවය බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට

Match Report

2023/24 බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 54 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වරටත් BBL ශූරතාවය දිනා ගැනීමට බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අද(24) සමත් වුණා.

සිඩ්නි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්‍රිස්බේන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 166 ක් ලබා ගත්තා.

Josh Brown ලකුණු 53 ක් ලබා ගත් අතර, Matt Renshaw ලකුණු 40 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Sean Abbott ලකුණු 32 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායමට පන්දුවාර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

Moises Henriques ලකුණු 25 ක් හා Josh Philippe ලකුණු 23 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Spencer Johnson ලකුණු 26 කට කඩුලු 4ක් දවා ගත්තා.

බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අවසන් වරට BBL ශූරතාවය දිනා ගෙන තිබුණේ 2012-13 අදියරේ දී යි.

Leave a comment