Ultimate magazine theme for WordPress.

රෂීඩ් ඛාන්ට තෙවැනි ලීග් තරගාවලියත් අහිමි වෙයි

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් එළඹෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයෙන් පසු ඔහු තවමත් 100%ක් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බැවින්.

මෙම ශල්‍යකර්මයෙන් පසුව සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති නිසා ඔහු ඉන්දියාව සමග නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකළ අතර, බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාලිය හා SA20 තරගාවලියෙන් ද ඉවත් වීමට කටයුතු කළා.

පාකිස්තාන සුපර් ලීග් අවසන් අදියර තුනේ දී ම රෂීඩ් ඛාන් Lahore Qalandars කණ්ඩායමයි නියෝජනය කළේ.

2022 හා 2023 වසරවලදී එම කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ද දිනා ගත්තා.

එළඹෙන තරග වාරය වෙනුවෙන් ද ඔහුව සිය සංචිතයේ රදවා ගැනීමටයි Lahore Qalandars කණ්ඩායම කටයුතු කළේ.

මේ වන විට මෙම ශල්‍යකර්මය හේතුවෙන් ලීග් තරගාවලි තුනක් පමණ ක්‍රීඩා කිරීමේ අවස්ථාව රෂීඩ් ඛාන්ට අහිමි වී ඇතත්, එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු සුදුසු යෝග්‍ය තත්ත්වයකින් පසු වනු ඇති බව සදහන්.

Leave a comment