Ultimate magazine theme for WordPress.

මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ හිමිකරු මියයයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ හිමිකරු වන Alamgir Tareen මියගොස් තිබෙනවා.

63 හැවිරිදි ඔහු සිය දිවි හානි කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලාහෝර් නුවර පිහිටි ඔහුගේ නිවසේ තිබී ඔහුගේ මළසිරුර සොයා ගෙන ඇති බව සදහන්.

නිවසේ තිබී ඔහු විසින් ලියන ලද බව කියන ලිපියක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

Alamgir Tareen 2018 වසරේ දී යි මුල්තාන් කණ්ඩායම මිලදී ගත්තේ.

Leave a comment