Ultimate magazine theme for WordPress.

බාර්බඩෝස් රෝයල්ස් හා ජැමයිකා තලවාස් රදවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කෙරේ

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා ජැමයිකා තලවාස් කණ්ඩායම විසින් සිය සංචිතවල රදවා ගත් ක්‍රීඩකයින් මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ජේසන් හෝල්ඩර් හා ක්යල් මේයර්ස් ද සිය සංචිතයේ රදවා ගැනීමටයි රෝයල්ස් කණ්ඩායම කටයුතු කර ඇත්තේ.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඔබෙඩ් මැකෝයි හා තුන් ඉරියව් ක්‍රීඩක රකීම් කෝන්වෝල් ද එම කණ්ඩායම විසින් රදවා ගත් ක්‍රීඩකයින් අතරට ඇතුළත්.

රෝයල්ස් කණ්ඩායම රදවා ගත් සෙසු ක්‍රීඩකයින් වන්නේ Justin Greaves, Joshua Bishop, Nyeem Young හා Ramon Simmonds.

මේ අතර, ජැමයිකා තලවාස් කණ්ඩායම විසින් බ්‍රෙන්ඩන් කිං, ෆේබියන් ඇලන්, ශමා බෘෘක්ස් හා Raymon Reifer සමග Amir Jangoo, Shamar Springer, Nicholson Gordon, Kirk McKenzie හා Joshua James සිය සංචිතයේ රදවා ගෙන තිබෙනවා.

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ජැමයිකා තලවාස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රොව්මන් පවෙල් බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම වෙත අලෙවි කිරීමට මීට පෙර පියවර ගැනුණා

එමෙන්ම එම ක්‍රීඩක ගණුදෙණුවට අනුව පා දග පන්දු යවන ක්‍රීඩක හෙයිඩ්න් වොල්ෂ් රෝයල්ස් කණ්ඩායමේ සිට තලවාස් කණ්ඩායම සමග එක් වුණා.

අනතුරුව වේග පන්දු යවන ක්‍රීඩක ඔෂේන් තෝමස් ද රෝයල්ස් කණ්ඩායමේ සිට නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග එක් වුණා.

සංචිතවල ඉතිරි ක්‍රීඩකයින් ජූනි මස අවසානයේ දී පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී තෝරා ගැනීමට නියමිතයි.

CPL තරගාවලිය අගෝස්තු 16 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතයි.

Leave a comment