Ultimate magazine theme for WordPress.

පාකිස්තානය හා අයර්ලන්තය අතර T20 තරගාවලියක් – නෙදර්ලන්ත තුන්කොන් තරගාවලියේ කාලසටහනත් එළියට

අයර්ලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 තරගාවලියේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

එම සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එම තරග මැයි 10, 12 හා 14 වැනිදා ඩබ්ලින් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම අයර්ලන්තය බලා පිටත්ව යාමට පෙර අප්‍රේල් මාසයේ දී නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරත වන අතර, එහිදී දෙරට අතර තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත සංචාරයෙන් පසුව පාකිස්තාන කණ්ඩායම එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතව ඇත්තේ මැයි 22 වැනිදා සිට තරග 4කින් යුත් විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහායි.

මේ අතර, නෙදර්ලන්තය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය ක්‍රීඩා කරන තුන්කොන් පන්දුවාර විස්සයි 20 තරගාවලියක් ද මැයි මාසයේ දී නෙදර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැයි 18 වැනිදා සිට 24 වැනිදා දක්වා Amstelveen හී දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට අවසන් තරගයක් ඇතුළත් කර නැහැ.

Tri-series fixtures

  • May 18 Netherlands vs Scotland
  • May 19 Netherlands vs Ireland
  • May 20 Ireland vs Scotland
  • May 22 Netherlands vs Scotland
  • May 23 Ireland vs Scotland
  • May 24 Netherlands vs Ireland
Leave a comment