Ultimate magazine theme for WordPress.

පන්දු 30 න් වාර්තා වූ ශතක සම්බන්ධතාවය ජැමයිකාව අවසන් තරගයට ගෙන යයි

Match Report

සිය ඉනිමේ අවසන් පන්දු 30 තුළ දී ශමාර් බෘෘක්ස් හා ඉමාඩ් වසීම් ගොඩ නැගූ නොබිදුණු ලකුණු 103 ක විශිෂ්ඨ සම්බන්ධතාවයෙන් ශක්තිමත් වෙමින් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Qualifier 2) ලකුණු 37 ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැමයිකා තලවාස් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(29) පෙරවරුවේ සමත් වුණා.

ගයානා හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වෙමින් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමටයි.

තරගයේ කාසියේ වාසිය පරාජයට පත් වීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජැමයිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 226 ක් රැස් කිරීමට සමත් වුණා.

ශමාර් බෘෘක්ස් නොදැවී ලකුණු 109 ක් වාර්තා කළේ පන්දු 52 කින්. හයේ පහර 8 ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක රොව්මන් පවෙල් ලකුණු 37 කට දැවී ගියා. ඉමාඩ් වසීම් පන්දු 15 කින් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමින්.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 43 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගයානා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

කීමෝ පෝල් ලකුණු 56(37) ක් හා ෂේයි හෝප් ලකුණු 31(13)ක් රැස් කළා. පන්දු යැවීමේ දී ක්‍රිස් ග්‍රීන් හා ඉමාඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායම හා ජැමයිකා තලවාස් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් එළඹෙන පළමු වැනිදා අලුයම 4.30ට ගයානා හි Providence ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment