Ultimate magazine theme for WordPress.

නව ක්‍රීඩකයින් තිදෙනෙකු ICC Cricket Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කෙරේ

ICC Cricket Hall of Fame හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ද Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි අයි.සී.සීය අද(13) නිවේදනය කළේ.

ඔහුට අමතරව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද ෂෙවාග් හා ඉන්දීය හිටපු ක්‍රීඩිකාවක වන Diana Edulji ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

අරවින්ද ද සිල්වා Hall of Fame ලැයිස්තුවට ඇතුළත් කිරීමත් සමග එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව මේ වන විට සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ද මෙම ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

Aravinda de Silva
93 Tests – 6,361 runs at an average of 42.97, 29 wickets
308 ODIs – 9,284 runs at an average of 34.90, 106 wickets

Virender Sehwag
104 Tests – 8,586 runs at an average of 49.34, 40 wickets
251 ODIs – 8,273 runs at an average of 35.05, 96 wickets
19 T20Is – 394 runs at an average of 21.88

Diana Edulji
20 Tests – 404 runs, 63 wickets at an average of 25.77
34 ODIs – 211 runs, 46 wickets at an average of 16.84

Leave a comment