Ultimate magazine theme for WordPress.

ඩු ප්ලෙසිස් CPL පිටියෙන් ඉවතට ; නායකත්වය රාසාට

ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමේ නායක ෆෆ් ඩු ප්ලෙසිස්ට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

සී.පී.එල් තරගාවලිය අතරතුර දී ඔහුගේ වැලමිටෙහි සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි එලෙස ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ.

ආබාධය නිසා ඩු ප්ලෙසිස්ට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වන බව සදහන්.

දකුණු අප්‍රිකාවට පැමිණීමෙන් අනතුරුව ඩු ප්ලෙසිස් එම ශල්‍යකර්මයට මුහුණ දෙනු ඇති.

ඔහුට තරගාවලිය අහිමි වීම නිසා සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා ඉදිරි තරගවලදී කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඩු ප්ලෙසිස් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ කොලින් මන්රෝ. කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇති විදෙස් ක්‍රීඩකයා වන්නේ ද කොලින් මන්රෝ.

ආබාධය හා සිදු කිරීමට නියමිත ශල්‍යකර්මය හේතුවෙන් ෆෆ් ඩු ප්ලෙසිස්ට මාස 3ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වන බව සදහන්.

Leave a comment