Ultimate magazine theme for WordPress.

ජොෂ්ට අද ටෙස්ට් වරම් හිමිවීමත් සමග වසර 14 ක ඔට්ටුවක් නිසා ටිම්ට මිලියන 17 ක්

එංගලන්තය හා සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය අද(1) ආරම්භ වනවා.

තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ටොන්ග් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නා 711 වැනි ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

අද දිනයේ දී විශේෂත්වය වන්නේ ඔහුට සිය ටෙස්ට් හිස්වැසුම හිමිවීම පමණක්ම නොවේ. ඔවුන්ගේ පවුලේ මිතුරෙකු වන Tim Piper නම් පුද්ගලයාට පවුම් 50,000 ක මුදලක් හෙවත් රුපියල් මිලියන 17 ක පමණ මුදලක් ද ජොෂ් ටොන්ග් ටෙස්ට් වරම් දිනා ගැනීම හේතුවෙන් අද දිනයේ දී හිමි වීමට නියමිතව තිබෙනවා.

ඊට හේතුව වන්නේ මීට වසර 14 කට පෙර එනම්, ජොෂ් ටොන්ග් වයස අවුරුදු 11 දී Tim Piper තබන ලද ඔට්ටුවක්.

ජොෂ් ටොන්ග් අනාගතයේ දී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන බවට එම පවුලේ මිතුරා විසින් පවුම් 100 ක මුදලක් ඔට්ටු තබා ඇත්තේ එම මුදලට 500 ගුණයක වාසියක් ලැබෙන පරිදියි.

ඒ අනුව අද දිනයේ දී ජොෂ් ටොන්ග් ටෙස්ට් වරම් දිනා ගැනීමත් සමග පවුම් 50,000 ක ජයග්‍රාහී මුදලක් Tim Piper හිමි කර ගැනීමට නියමිතයි.

මේ අතර, අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා ජේම්ස් ඇන්ඩර්සන් හා ඔලී රොබින්සන් ක්‍රීඩා කරන්නේ නැහැ. ඔවුන් සුළු ආබාධවලට ලක්වීම හේතුවෙන් අද තරගයෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

පාදයක ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරග 5 ක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ ජොනී බෙයාර්ස්ටව් යළි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

අද තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම –

England XI :

Ben Duckett, Zak Crawley, Ollie Pope, Joe Root, Harry Brook, Ben Stokes (c), Jonny Bairstow (wk), Stuart Broad, Matthew Potts, Josh Tongue, Jack Leach

Leave a comment