Ultimate magazine theme for WordPress.

චමරි ඉහළම වටිනාකමක් හිමි කාණ්ඩයට ඇතුළත් කෙරේ

බිග් බෑෂ් ලීග් (BBL) හා කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) ක්‍රිකට් තරගාවලියන්ට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 50 දෙනෙකු වටිනාකමින් වැඩිම කාණ්ඩය වන Platinum කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා.

පාකිස්තානයෙ හැරිස් රවුෆ්, කොදෙව් දූපත්හි නිකලස් පූරාන්, ඉන්දියාවේ හර්මන්ප්‍රීට් කොවුර් වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එම කාණ්ඩයට ඇතුළත්.

ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ද Platinum කාණ්ඩයට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

Platinum කාණ්ඩයට ඇතුළත් වන ක්‍රීඩිකාවකගේ වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 110,000 ක්. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2.2 ක පමණ වටිනාකමක්

Gold කාණ්ඩයේ ක්‍රීඩිකාවකට ඩොලර් 90,000 ක වටිනාකමක් ද, Silver කාණ්ඩයේ ක්‍රීඩිකාවකට ඩොලර් 65,000 ක වටිනාකමක් ද, Bronze කාණ්ඩයේ ක්‍රීඩිකාවකට ඩොලර් 40,000 ක වටිනාකමක් ද හිමි වනවා.

පිරිමි බිග් බෑෂ් ලීග් තරගාවලියේ Platinum කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට හිමි වන වටිනාකම මෙවර ඔස්ට්‍රේලියානු ඩොලර් 420,000 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.(රුපියල් කෝටි 8.6 ක් පමණ) පසුගිය වසරේ දී එම කාණ්ඩයේ වටිනාකම සටහන්ව තිබුණේ ඩොලර් 340,000 ක් ලෙසයි.

Gold කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඩොලර් 300,000 ක වටිනාකමක් ද, Silver කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට ඩොලර් 200,000 ක වටිනාකමක් ද, Bronze කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ඩොලර් 100,000 ක වටිනාකමක් ද හිමි වනවා.

මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා හා පිරිමි තරගාවලියන්ට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.

WBBL තරගාවලිය ඔක්තෝබර් 19 වැනිදා සිට දෙසැම්බර් දෙවැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, BBL තරගාවලිය දෙසැම්බර් 7 වැනිදා සිට ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

  • WBBL platinum players
    (Possible retention clubs marked)

Chamari Athapaththu (Renegades), Lauren Bell, Tazmin Brits, Alice Capsey (Stars), Kate Cross, Nida Dar, Sophie Devine (Scorchers), Deandra Dottin (Strikers), Richa Ghosh, Sarah Glenn, Shabnim Ismail (Renegades), Marizanne Kapp (Scorchers), Harmanpreet Kaur (Renegades), Amelia Kerr (Heat), Heather Knight (Thunder), Hayley Matthews (Renegades), Nonkululeko Mlaba, Jemimah Rodrigues (Stars), Deepti Sharma, Stafanie Taylor (Strikers), Chloe Tryon (Thunder), Pooja Vastrakar (Heat), Laura Wolvaardt (Strikers), Issy Wong (Hurricanes), Danni Wyatt (Heat)

  • BBL platinum players
    (Possible retention clubs marked)

Gus Atkinson, Sam Billings (Heat), Harry Brook, Joe Clarke (Stars), Zak Crawley, Tom Curran (Sixers), Quinton de Kock, Faf du Plessis (Scorchers), Martin Guptill (Renegades), Alex Hales (Thunder), Will Jacks, Chris Jordan (Sixers), Rashid Khan (Strikers), Shadab Khan (Hurricanes), Tom Kohler-Cadmore, Dawid Malan, Tymal Mills (Scorchers), Colin Munro (Heat), Nicholas Pooran, Haris Rauf (Stars), Mohammad Rizwan, Rilee Rossouw (Thunder), Phil Salt (Scorchers), Mujeeb Ur Rahman (Heat), James Vince (Sixers)

Leave a comment