Ultimate magazine theme for WordPress.

කොදෙව් පුහුණුකරු එංගලන්තයේ දී ස්වයං නීරෝධායනයට

බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් ස්වයං නීරෝධායනයට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ දිනවල කොදෙව් කණ්ඩායම එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින අතර, ඒ අතරතුරයි ඔහු එලෙස ස්වයං නීරෝධායනයට ලක් කර ඇත්තේ.

පසුගියදා ඔහු අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම හේතුවෙන් මෙලෙස ස්වයං නීරෝධායනයට ලක් කර ඇති බව සදහන්.

කණ්ඩායමට දැනුම් දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන ප්‍රකාරව ඔහු අනිවාර්යයෙන් දින 5ක කාලයක් සෙසු ක්‍රීඩකයින්ගෙන් වෙන්ව සිටිය යුතුයි.

එමෙන්ම සෞඛ්‍ය පරීක්ෂණ ද්විත්වයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට ද තහවුරු වූ පසුවයි පිල් සිමන්ස්ට යළි කණ්ඩායම හා එක් වීමේ අවස්ථාව හිමි වන්නේ.

එංගලන්තය සහ කොදෙව්වන් අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment