Ultimate magazine theme for WordPress.

කුසලතාවල දුර්වලතා සැලසුම් අසාර්ථක වීමට බලපෑවා – මහේල ජයවර්ධන

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී තරග පරාජය වීම සදහා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කුසලතාවල ඇති දුර්වලතා ප්‍රබල ලෙස බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා පවසනවා.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම දුර්වලතා හේතුවෙන් ජය ගැනීමට තිබූ තරග පවා ශ්‍රී ලංකාව පරාජයට පත් වූ බවයි.

තරග සදහා සැලසුම් සකස් කරනු ලබන්නේ කණ්ඩායමේ කුසලතාවලට අනුව බවත්, ඇතැම් සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී ඒවා සාර්ථක නොවීමට කුසලතාවල දුර්වලතා බලපෑ බවත්, මහේල සදහන් කළා.

“අපිට දුර්වලකම් තියෙනවා. කණ්ඩායමේ අත්දැකීම් අනුව දුර්වලකම් තියෙනවා, ඒ වගේම ක්‍රීඩකයින්ගෙන් වෙන වැරැදි තියෙනවා මැදදි.  ක්‍රීඩකයෝ හැමෝම ඒ දේ ගැන දන්නවා. නමුත් මේක තමයි අපිට ඉන්න හොදම කුසලතා පිරි කණ්ඩායම. ඒ කණ්ඩායම තමයි අපි ආයෝජනයක් කරලා තියෙන්නේ ඉස්සරහට.” යනුවෙන් මහේල කියා සිටියා.

“අන්තිම මාස 16 අපිට පේනවා ඔවුන් ඉදිරියට ඇවිල්ලා කියෙන එක. නමුත්, ගොඩක් තියෙනවා අපිට දේවල් හදාගන්න. ඒ වැරැදි හදා ගන්නම ඕනෙ අපිට මේ ජාත්‍යන්තරයේ මේ අනිත් කණ්ඩායම් එක්ක සෙල්ලම් කරද්දි. අපි ඒක දැකපු දෙයක්. පන්දු යවන අංශයෙන් විශේෂයෙන්ම අපිට මීට වඩා පාලනයක් තියෙන්න ඕනෙ. අපේ කුසලතාවයන් මීට වඩා වර්ධනය වෙන්න ඕනෙ. පිතිකරණ අංශයෙනුත් ක්‍රීඩකයින් ලකුණු 30, 40 අරගෙන දැවී ගියා. අනිත් කණ්ඩායම්වල ක්‍රීඩකයින් ඒ ස්ථානයට ආවම ඔවුන් ලොකු ලකුණු ප්‍රමාණයන්වලට යනවා. ඒ තේරුම්ගැනීම ඔවුන්ට තියෙන්නේ ඕනෙ. ඉතිං ඒක තියෙන්නනම් ඒගොල්ලේ තව තරග ක්‍රීඩා කරදිදි තමයි ඒක එන්නේ. 

“අපේ ක්‍රීඩකයින්ගේ කුසලතාව අනුවයි, තණතීරු හැසිරෙන විදිහ අනුවයි, ප්‍රතිවාදී කණ්ඩායමේ කුසලතා අනුවයි අපි තරගාවලියකට හා තරගයකට සැලසුම් හදන්නේ. ඒක කරද්දි අපිට පේන දෙයක් අපේ ක්‍රීඩකයින්ගේ කුසලතාවල දුර්වලකම් තියෙනවා, එතකොට අපිට අවශ්‍ය කරන විදිහට තරග සැලසුම් කරන එක අමාරුයි. තරගාවලිය පුරාම දැක්ක දෙයක්. ඉතිං අපිට පුලුවන් විදිහට තමයි ඒ දේ සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න හැදුවේ. එතන දුර්වලතා තියෙනවා. මම පිළිගන්නවා. එතනදි අපි බලන්නේ අපි කොහොමද තරගයක් ජයග්‍රහනය කරන්නේ.”

මේ අතර,ඉන්දියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පන්දු යැවීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පසුගිය දිනවලදී ඇතැම් පර්ශවවල විවේචනයට ලක්ව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ද මහේල මෙහිදී අදහස් දක්වා සිටියා.(දර්ශන පහතින්)

Leave a comment