Ultimate magazine theme for WordPress.

කාන්තා T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ කාලසටහන

2024 අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තරග කාලසටහන හා කණ්ඩායම් කාණ්ඩගත කර ඇති ආකාරය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන තරගාවලිය අබුඩාබි හී දී පැවැත්වීමට නියමිත අතර, ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් දෙකක් පමණක් මෙම තරගාවලියෙන් තෝරා ගැනීමට නියමිතයි.

2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මෙම වසර අවසානයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු ස්ථාන 6 හිමි කර ගත් කණ්ඩායම් වන ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් 2024 අදියර සදහා සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

සත්කාරකත්වය දරන බැවින් බංග්ලාදේශය ද එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ඇති අතර, ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගනිමින් පාකිස්තානය තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය, තායිලන්තය, උගන්ඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඇමෙරිකා එක්සත් ජනපදය, වනුවාටු හා සිම්බාබ්වේ යන රටවල් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අප්‍රේල් 25 වැනිදා සිට මැයි 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා තිබෙනවා.

  • Group A: Sri Lanka, Thailand, Scotland, Uganda, USA
  • Group B: Ireland, Zimbabwe, Netherlands, UAE, Vanuatu

Fixtures

Thursday, 25 April
– Sri Lanka vs Thailand at Tolerance Oval
– Scotland vs Uganda at Tolerance Oval
– Ireland vs UAE at ZCS
– Zimbabwe vs Vanuatu at ZCS

Saturday, 27 April
– Vanuatu vs Netherlands at Tolerance Oval
– UAE vs Zimbabwe at Tolerance Oval
– Uganda vs USA at ZCS
– Scotland vs Sri Lanka at ZCS

Monday, 29 April
– USA vs Scotland at Tolerance Oval
– Uganda vs Thailand at Tolerance Oval
– Ireland vs Zimbabwe at ZCS
– Netherlands vs UAE at ZCS

Wednesday, 1 May
– Zimbabwe vs Netherlands at Tolerance Oval
– Vanuatu vs Ireland at ZCS
– Sri Lanka vs Uganda at ZCS
– Thailand vs USA at ZCS

Friday, 3 May
– Thailand vs Scotland at Tolerance Oval
– USA vs Sri Lanka at ZCS
– UAE vs Vanuatu at ZCS
– Netherlands vs Ireland at ZCS

Semi Finals (Sunday, 5 May)
– Semi Final 1 at ZCS
– Semi Final 2 at ZCS

Final (Tuesday, 7 May)
– Final at ZCS

Leave a comment