Ultimate magazine theme for WordPress.

කරන්ගේ අර්ධ ශතකය හමුවේ පංජාබ් කණ්ඩායමට කඩුලු හතරක ජයක්

Match Report

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

මුල්ලන්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 175 ක ඉලක්කයක් හඹා ගිය පංජාබ් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෑම් කරන් පන්දු 47 කින් ලකුණු 63 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ලියම් ලිවින්ග්ස්ටන් නොදැවී ලකුණු 38(21) ක් රැස් කරමින් පංජාබ් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනූ පංජාබ් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 174 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 29(21) ක්, මිචෙල් මාෂ් ලකුණු 20(12) ක් හා ෂේයි හෝප් ලකුණු 33(25) ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් නමුත්, මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 200 සීමාවට ළගා වීමේ දිල්ලි පිලේ බලාපොරොත්තු බිද වැටුණා.

අවසන් පන්දුවාරයේ දී ලබා ගත් ලකුණු 25 ද සමගින් පන්දු 10 කින් නොදැවී ලකුණු 32 ක් ලබා ගත් අභිෂේක් පොරෙල් දිල්ලි කණ්ඩායම ලකුණු 170 සීමාව පසු කර රැගෙන යාමට සමත් වුණා. ඔහු මෙම තරගය සදහා වන පළමු 11 දෙනා අතරට ඇතුළත්ව නොසිටි අතර, Impact Player ලෙසයි ඔහු කඩුලු 7 ක් දැවී ගිය පසු පිටියට පිවිසියේ. අක්සාර් පටෙල් ලකුණු 21(13) යි.

පන්දු යැවිමේ දී අර්ෂ්දීප් සිං හා හර්ෂාල් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Leave a comment