Ultimate magazine theme for WordPress.

උසාමාගේ තුන් ඉරියව් දක්ෂතා ඔරිජිනල්ස් පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Match Report

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් Birmingham Phoenix කණ්ඩායම පරදා ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට Manchester Originals කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බර්මිංහැම් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මැන්චෙස්ටර් කණ්ඩායම නියමිත පන්දු 100 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින්.

ජොස් බට්ලර් ලකුණු 43(33) යි. ජෙමී ඕවර්ටන් ලකුණු 22 ක් ද, ලොරී එවන්ස් හා ඇෂ්ටන් ටර්නර් ලකුණු 21 බැගින් ද ලබා ගත්තා. උසාමා මීර් පන්දු 14 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 32 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. හයේ පහරක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී බෙනී හවෙල් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඇඩම් මිල්න් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 33 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මිංහැම් කණ්ඩායමට පන්දු 98 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 27(25) යි. පන්දු යැවීමේ දී ටොම් හාර්ට්ලි ලකුණු 13 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, රිචර්ඩ් ග්ලීසන්, ජොෂ් ලිට්ල් හා උසාමා මීර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Leave a comment